දරුවන්ගේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නැතුවම බැරි අංශයක් වී තිබේ.වර්තමාන තාක්ෂණික විප්ලවයත් සමගම අද එදිනෙදා ජීවිතයේදී තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිතයේදී එහි යහපත් හා අයහපත් ප්‍රතිඵල දැන සිටීම අපගේ ජීවිතයට ඉතා අගනේය.මන්ද යත් බොහෝ ජීවිත වලට අයහපත් ප්‍රතිඵල ගෙනදී ඇත්තේ තාක්ෂණික යෙදවුම් අනිසි භාවිතය නිසාය.එම නිසා පාසලේ ict society හරහා ශිෂ්‍ය ප්‍රජාව තාක්ෂණික යෙදවුම් භාවිතය පිළිබඳ දැනුවත් කර ඔවුන් නව මාවතකට යොමු කරවමින් ජීවිත සදහා යහපත් ආකාරයෙන් ගත හැකි ඒවා භාවිතයට ඇති බිය හා අංකිත බෙදුම දුරලීමට මෙය අවස්ථාවක් කර ගනු ලබයි.