-
විද්‍යාලයේ නීති හා සම්ප්‍රදායන්
- ප.ව. 7.15 ට පෙර පාසලට පැමිණීම.
- විශේෂ ප්‍රමාදයන් වාර්තා කිරීම.
- නිතර ප්‍රමාදවීම පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම.
- විද්‍යාලයට හා ශිෂ්‍යන්ට නොගැළපෙන ලෙස වටිනා පාවහන් , පළදනා ආභරණ ලෙස පාවිච්චි නොකිරීම.
- පාසලට ගැළපෙන ලෙස කොණ්ඩය සකසාගෙන ඒම.
- චාම්ව, පිරිසිදුව , ක්‍රමානුකූලව පාසල් නිළ ඇඳුම සකස් විය යුතුය.
- පාසල තුළ අනුමැතියෙන් තොරව මුදල් එක් රැස්කිරීම සහ අනවශ්‍ය ලෙස වෙනත් පන්ති අසළ කොරිඩෝවල ගැවසීමෙන් වළකින්න.
- පාසල් විනයට බාධා ඇති කරවන කිසිම මෙවළමක් හෝ උපකරණයක් රැගෙන නොආ යුතුය.
- චරිත සහතික නිකුත් කිරීම සදහා සෑම කෙනෙක්ටම මෙම පොත ඉදිරිපත් කල යුතු වේ. එසේ නොවන කළ ඔබට චරිත සහතිකයක් නොලැබෙනු ඇත.
- අසනීපයෙන් පෙළෙන විට හෝ විදුහල්පතිතුමාගෙන් කලින් ලබාගත් අවසරය ඇතිව මිස අන් කිසිම කරුණක් සදහාවත් පාසලට නොපැමිණ නොසිටිය යුතුය.
- පාසල් කාලය තුළ වේලාසනින් ළමුන්ට ගෙදරයාමට ඉඩදෙනු නොලැබේ.
- විදුහලට අගෞරවයක් සිදුවන අයුරින් හැසිරෙන සිසුනට තදබල විනයානුකූල දඩුවම් ලැබෙනු ඇත.
- විද්‍යාලයෙන් බැහැරදී වුවද ශිෂ්‍යයන් වෙත එල්ල වන හැසිරීම පිළිබද චෝදනා ගැන විශේෂයෙන් සොයා බලා සුදුසු පියවර ගනු ඇත.
- විද්‍යාලයේ බැහැරදී සමිති සමාගම් වල හෝ නිලතල හෝ සාමාජිකත්වය ලබා ගැනීම සපුරා තහනම් වේ.එසේ කල යුත්තේ විදුහල්පතිගේ පූර්ව අනුමැතිය ඇතිවය.
- 1 වසරේ සිට 9 වසර දක්වා පිරිමි ළමුන් නිල් කොට කලිසම හා සුදු අත් කොට කමීසය ද 10 වසරේ සිට 11 වසර දක්වා සුදු කමීසය හා සුදු දිග කලිසම යටකර ඇඳිය යුතුය.
- 1 වසරේ සිට 11 වසර දක්වා ගැහැණු ළමුන් සුදු ගවුම දණ හිස වැසෙන සේ මසා ඇඳිය යුතු අතර විද්‍යාලය මෝස්තර/ විලාසිතාගාරයක් නොවන බව තරයේ සිහි තබා ගත යුතුය.
- විද්‍යාලයේ ශෝභනතවය ආරක්ෂා කර ගැනීමත් ,උපකරණ නිසිලෙස පරිහරණය කිරීමත් සිසුන්ගේ වැදගත් වගකීමකි.
- Home
- අපේ පාසල ගැන
- නීති හා සම්ප්‍රදායන්