අභිමතාර්ථ

 

  • පාරිසරික අත්දැකීම් ලබමින් නව චින්තනයක් කරා යොමු වූ ක්‍රියාකාරී පුද්ගලයකු බිහිකිරීම.
  • වෙනස් වන ලෝකයේ අභියෝග වලට මුහුණ දිය හැකි මානව අයිතිවාසිකම් වලට ගරුකරන යුතුකම් හා වගකීම් පිළිබද මනා දැනුමක් ඇති පුද්ගලයකු බිහිකිරීම.
  • උසස් ආචාරධර්ම වර්ධනය.
  • කාලීන හා ජාතික අවශ්‍යතා වලට ගැළපෙන අයුරින් විෂය දැනුම ලබාදීම.
  • සිසුන්ට සම අධ්‍යාපන අවශ්‍යතා සලස්වමින් සන්නිවේදන කුසලතාව වර්ධනය කිරීම.
  • සම්පත් සීමිත ලෝකයක ජීවන අවශ්‍යතා වලට අදාල දැනුම, ආකල්ප හා කුසලතා සමග පරිසරය පිළිබද අවබෝධය, විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් වර්ධනය කිරීම.
  • විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් සිසුන්ගේ විචාරශීලී හා විග්‍රාහාත්මක චින්තනය, කණ්ඩායම් හැගීම් හා නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම.
  • ජාතික සම්පත් සංරක්ෂණය හා ප්‍රජා වගකීම හා සමාජ සාධාරණත්වය අගයන ආකල්ප වර්ධනය කිරීම.
  • වත්මන් ජීවන රටාවට අදාලව ප්‍රදේශයේ පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගතහැකි ආකාරයට ප්‍රායෝගික තාක්ෂණික විෂය දැනුම ලබාදීම.
  • අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව අඩු ළමුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම.