විදුහල්පති පණිවිඩය

නිපුණතා නිපුණ දරු පිරිසක් රටට දායාද කරලීමේ උතුම් මෙහෙවරක නියැලෙන අප පාසල, ගුණ නැණ සපිරි පුරවැසියන් දහස් ගණනක් දස දෙස අත රටෙහි උන්නතියට සේවය කරති.
නවීන වැඩ ලෝකයත් සමඟ විවිධ ඉගෙනුම් ක්‍රමවේද ඉවහල් කර ගනිමින් , අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යාම අප පාසලේ ද අරමුණ වේ.
දුෂ්කර පාසලක් වන අප පාසල අවම භෞතික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ බාධක මධ්‍යයේ නොයෙක් ජයග්‍රහණ ලබාගෙන ඇත.එවන් ජයග්‍රහණ පසු පස ඒ සඳහා නිරන්තරයෙන් කැපවන ආචාර්ය මණ්ඩලක් සිටීම අප ලද මහත් භාග්‍යයකි.
මින් ඉදිරියට ද එවන් ජයග්‍රහණ ළඟාකර ගනිමින් දැනුම ,ආකල්ප හා කුසලතා වලින් පරිපූර්ණ මතු පරපුරක් මාතෘභූමියට දායාද කිරීම අපගේ ඒකායන අභිප්‍රාය වේ.ඒ සඳහා සියලුදෙනාගේ ආශිර්වාදය මෙන් ම සහයෝගය ලැබේවා යැයි මාගේ ප්‍රාර්ථන වේ.