
පනාකඩුව අභිනවාරාමාඨිපති පුජ්‍ය කිරම පුඤ්ඤරතන නාහිමිපානන්ගෙ මුලිකත්වයෙන් 1945.10.04 දින මාර/පනාකඩුව විද්‍යාලය ආරම්භ කරන ලදි.මේ සදහා H.A.සිඤ්ඤෝරිස් හිටපු ගම් මුලාදෑනි මහතාගේ හා P.G. නෝනිස් වෙද මහතාගේ ද සහයෝගය කිරම පුඤ්ඤරතන නාහිමි සදහා ලැබී ඇත. ආරම්භක අවස්ථාවේ දී කටුමැටි ගැසු පොල් අතු සෙවිලි කල බිම ගොම මැටි ගාන ලද ශාලාවක පාසල ආරම්භ කරන ලදි. එම අවස්ථාවේ පාසල ආරම්භක ශිෂ්‍යයා ලෙස P.G දිනෝරිස් ද ශිෂ්‍යාව ලෙස P.G ලීලාවතී ඇතුළත් කර ගන්නා ලදි. ඉන් පසුව සිසුන් 16 දෙනෙක්ගෙන් පාසලේ අඨ්‍යයන කටයුතු ආරම්භ කර ඇත.