
විදුහල්පතිතුමා,ආචාර්‍ය මණ්ඩලයේ ගුරුමහත්ම / මහත්මීන් හැරුණු විට පාසලේ උන්නතිය සදහා කටයුතු කරන සිසු නියමුවන් ලෙස විද්‍යාලය්‍රෙ ශිෂ්‍ය නායක මණ්ඩලය හැදින්විය හැකිය. අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රාථමික හා ද්විතීයික යන අංශ දෙකෙන්ම සමන්විත වේ. 2022 වර්ශයේ ප්‍රාථමික අංශය නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් 8 දෙනෙකුත් ද්විතීයික අංශය නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව මෙවර අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සිසු නියමුවන් 31 දෙනෙකුගෙන් සමන්විත වේ. අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාරව කටයුතු කරනු ලබන්නේ නියෝජ්‍ය විදුහල්පති පී.ඒ ආරියදාස මයා, විනයභාර ආර්.එම් පතිනායක මයා හා ද්විතීයික අංශ ප්‍රධාන ජේ.කේ.ආර් තුශාරි මිය යන ගුරු මහත්ම මහත්මීන්ය.