මනා වූ සංවිධානයක් ගොඩ නගා ගැනීම සදහා සමිති සමාගම් වල අවශ්‍යතාව බෙහෙවින්ම උපකාරී වේ.යම් ආයතනයක වැඩිදියුණුව සදහා "සමිතිය" මගින් සුවිශේෂ පිටිවහලක් ලැබේ.ආයතනයේ විවිධ අංශයන්හි දියුණුව ස්මතුකර ගැනීමට සමිතියක් මගින් සුවිශේෂී කාර්යයක් ඉටුවේ.
පාසල පදනම් කරගන්නා ලද සමිති පිලිබද සොයා බලන විට,ඒ හා සම්බන්ධ විවිධ සමිති පවතින අතර ශිෂ්‍ය කුසලතා නැංවීම සදහා සංවිධානය වූ සමිති ශිෂ්‍ය සමිති ලෙස දැක්විය හැකිය.ඒ අතර
බෞද්ධ සමිතිය
සිංහල සාහිත්‍ය සමිතිය
විද්‍යා සමිතිය
ඉංග්‍රීසි සමිතිය
බහුලව පාසල් පරිසරයේ ක්‍රියාත්මක වන සමිති සමහරක් වේ.මේ හැරුණු විට පාසල් පරිපාලන කටයුතු සදහා වෙන් වූ සමිතිද දක්නට ලැබේ.
පාසල් සංවර්ධන සමිතිය
සෞඛ්‍යය සමිතිය
ඒ අතර කිහිපයකි.ඉහත දක්වන ලද සියලු සමිති පොදුවේ ගත් විට පෙනී යනිනේ ආයතනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන,පරිපාලනය,විනය,කළමනාකරණය ආදී අංශයන් සදහා විශේෂ දැනුම් පද්ධතියක් සහ ප්‍රායෝගික දැනුම් සම්භාරයක් හේතු වන බවයි.
පනාකඩුව විද්‍යාලයේ වර්තමාන අනාගත දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව සදහා බෞද්ධ සමිතිය මගින් මනාවූ අධ්‍යාත්මික සංවර්ධනක් ලැබෙන බව කිව යුතුය.කිසි කළමනාකරණයකුට අනුව සංවිධානශීලීව ක්‍රියාත්මක වන බෞද්ධ සමිතිය සදහා නිළධාරිම්ණ්ඩලයක් යුක්ත වේ.
සභාපති
උපසභාපති
ලේකම්
උප ලේකම්
සම ලේකම්වරු
සගරා ස්ංස්කාරකවරු
කාරක සභාව
ආදී වශයෙනි.මෙම නිළධාරි පද්ධතිය පිහිටුව ගැනීම හා ගුරු භවතුන්ගේ උපදේශන කාර්‍ය සමග දරුවන්ගේ දැනුම,ආකල්ප,කුසලතා සාක්ෂාත් කරණය සදහා ඵලදායී පරිසරයක් බව මෙම සමිති සංවිධානයෙන් පැහැදිලිව පෙනෙන කරුණකි.
බෞද්ධ සමිතියේ සෑම මසකට වරක් අවසාන සතියේ,සිකුරාදා දින ක්‍රියාත්මකය.
පාසල් සිසුන් පෙරාතුව දැනුවත් කිරීමෙන් හා මනා වූ සංවිධානයක් ඇතිව ආරම්භ කිරිම සිදුවේ.
නර්තනය
සංගීතය
අභිරුපණ රංගන
නාට්‍යය