
ළමයාට තමාගේ අත්දැකීම් සාරවත් කර ගැනීමටත්, තමාගේ දක්ෂතා හදුනාගැනීමටත් අවස්ථාව සපයා දීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් සිංහල සාහිත්‍ය සමිතිය පවත්වාගෙන යනු ලබයි.
අප විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතිය සෑම මසකම පළමු සතියේ සිකුරාදා දින පැවැත්වෙන අතර සිංහල විෂයබාර ගුරුභවතුන්ගේ මූලිකත්වයෙන් හා විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීමෙන් ද්විතීයික අංශයේ 6-11 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිශ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වාගෙන යනු ලබයි.
සිංහල සාහිත්‍ය සමිතිය පවත්වාගෙන යාමේ අරමුණු
• ශිෂ්‍ය ශිශ්‍යාවන්ගේ දැනුමට එහා ගිය
පෞරුෂ සංවර්ධනය.
• අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව
වර්ධනය කිරීම.
• යාන්ත්‍රිකරණය වූ වත්මන් අධ්‍යාපන ක්‍රමය
තුල නිර්මාණශීලි පරපුරක් බිහි කිරීම.
• සමාජ කුසලතා සංවර්ධනය කිරීම.
• හික්මවීම, තීරණ ගැනීමේ හැකියාව, සමාජ
වගකීම් පිළිබද අවබෝධය ඇති කරවීම.